Friday, January 20, 2017

රජමහාවිහාරවංශයට පෙරවදන ...

                                  මතු පරපුරේ උන්නතිය තකා , බුදුදහමේ පහස ලැබූ මෙසිරිලකේ ඔබ දත් නොදත් ,,,සිරිලක පුරා පැතිර ඇති සියලුම රජමහා විහාර පිලිබදව සවිස්තරාත්මක විස්තර එම රජමහා විහාර සොයා ගොස්  ලිපි පෙළක් ලෙස මෙලෙසින්  ඔබ වෙතට ගෙන ඒමට තිරණය කලෙමි.
ලංකාතිලක රජමහා විහාරය

ශ්‍රී පාදය
            හුදෙක් මතු පරපුරට දැනුම ලබාදීමෙ අටියෙන් මෙහි තොරතුරු සදහන් කරමි.මාගේ මේ ප්‍රයත්නය අනාගත පරපුරේ දැනුම වර්ධනය සදහාද , ඔබ නොදත් මානයන් ඔබේ ඇසට ලගාකරවිමටද සිදුකරන්නක් බව කරුණාවෙන් සලකන්න.. මා නොදත් තව තොරතුරු පවතීනම් ඒ පිළිබදවද දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ශ්‍රී දළදා මාළිගාව
                                                                             එමෙන්ම මෙවන් ස්ථාන මතු පරපුරටත් රැකබලාගැනීම ඔබ සතු සහ නොපිරිහෙලා ඔබ ඉටුකළ යුතු යුතුකම් ලෙසද සලකන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
තවද මෙම ස්ථානයන් ඒ පවතින ලෙසින්ම පවත්වාගෙන යාමටත් එම ස්ථාන කටයුතු වල සංවර්ධන කටයුතු පවතීනම් එයට දායකවීම නොවීම ඔබ සතු වේ.
කොත්මලේ මහා සෑය
                   මේ සියලු වැඩ කටයුතු පිටුපා සිට මාහට ශක්තියක් වන මාගේ මෑණියන්ටත් , නැගණියටත් , මිට වසර කිහිපයකට ප්‍රථම අදහස ලබාදුන් මාගේ පියාණන්ටත් මෙම ස්තුතිය පුදමි ... එමෙන්ම මේ සොයායාම් වලදී උදවු වූ මාගේ සගයන්ටත් අනෙකුත් සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙමි .. 
මුන්ඩගිරිය
                            එසේනම් මෙතැන් සිට රජමහාවිහරවංශයේ වැඩ කටයුතු ආරම්භ කරමි ,...
ගඩලාදෙණිය රජමහා විහාරය


                      #ඇවිදින්න .... #රසවිදින්න .... #සුරකින්න ....




මහනුවර යුගයේ බිතුසිතුවම්



No comments:

Post a Comment