Saturday, April 25, 2020

මහනුවර දිස්ත්‍රික්කයේ උරුමය 1 - ගඩලාදෙණිය රජමහා විහාරය

ඔන්න එහෙනම් ඉගනගන්න කියන අයගේ දැනුම පොතට ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අපේ උරුමයන් ගැන කියලා දෙන්නයි මම සුදානම් වෙන්නේ.
               ලගින්ම තියන පන්සලෙන් මම කතාව පටන්ගන්නම්.(කෘතියක් වෙන විහාරවන්ශයට අනුව ඒ පොතේ මුලින්ම ලියවෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටලා තියන සගම රජමහා විහාරය ගැන- දැනුම පොතට).ඒ මොනවා උනත් මට ලගම පන්සල් තමයි ගඩලාදෙණිය ,ලංකාතිලක කියන රජමහා විහාර දෙක.ඒ දෙකෙන් මම අද මුලින්ම කියන්න යන්නේ "ගඩලාදෙණිය සද්ධර්මතිලක රජමහා විහාරය " ගැන.


ඔන්න එහෙනම් විස්තරේ අහගන්නකෝ,

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිළිමතලාවේ ඉදන් දවුලගල පාරේ 1km ආව තැන මනරම් ගල් තලාවක් මත්තේ පිහිටන මේ පුජනිය ස්ථානය දැකබලාගන්න පුළුවන්.
මේ දර්ශනීය විහාරය ඉදිවෙන්නේ ශතවර්ශ 1266 දී ගම්පොල රාජධානියේ පලවෙනි රජතුමා වුන හතරවන බුවනෙකබාහු රජතුමාගේ අනුග්‍රහයෙන් ධර්මකීර්ති නාහිමියන්ගේ අනුශාසනාවෙන් සේනාධිලංකාර ඇමති විසින්.(එක මෙම විහාරයේම ගල්තලාවේ සෙල්ලිපියක කියවෙනවා.)
ගම්පොල යුගයේ වුන ප්‍රධානම නිර්මාණ දෙක තමයි ලංකාතිලක ,ගඩලාදෙණිය.මේ දෙකෙනුත් ගඩලාදෙණිය කළුගලින් නිර්මාණය වුන ,ඉන්දියාවේ විජයනගර් රජු හදපු හින්දු දේවාල සම්ප්‍රදායට අදාලව නිර්මාණය වෙලා තියනවා.ඒ වගේම මේ විහාරය කළුගල් කැටයම් සහිතව එකකට පසුපස එක කාමරයක් තියන විදියට පිටත් මණ්ඩපයක් සහිතව නිර්මානයවෙලා තියෙන්නේ.පිළිමගේ ඇතුලත රියන් 12ක් විතර උසයි.ඔත්පිලිම වහන්සේ නමක් වගේම හිටි පිළිම වහන්සේලා හතරනමක් සහ අලංකාර චිත්‍ර වලින් වර්ණවත් වෙලා තියනවා . 

විශේෂත්වය යනු මෙය මහල් දෙකකින් යුක්ත ගෙඩිගේ සම්ප්‍රදයටත් නෑකම් දක්වනවා.ඒ වගේම වයන්නන් නටන්නන් ,සිංහ අශ්ව රුප ,ඇතුල්වෙන ස්ථානයේ පොළොන්නරු යුගයට නෑකම් දක්වන සදකඩ පහන,ගජසිංහ ජෝඩුව කළුගලින්ම නිමවෙලා අදටත් දැකගන්න පුළුවන් මට්ටමේ තියනවා.

තවත් වේ විහාරය නොනැසී පවතින්න හේතුවක් තියනවා.ඒ තමා ක්‍රි.ව.1412 දී කෝට්ටේ යුගයේ රජ කෙනෙක් වුන හවෙනි පැරකුම් රජු වටදාගෙයක් හදලා උලුසේවිලි පියස්සක් හදලා තිබිම.(මේ නිසා මුල් නිර්මාණයට ටිකක් හානිවුන කියලත් සදහන් වෙනවා.) ඒ වගේම, ගම්පොල රජ කරපු පස්වන පරාක්‍රමබාහු රජු ගලින් සැදු සතරමහා දේවාල මත පිහිටපු චෙත්‍ය වහන්සේට පිටින් කුළුණු 4ක් හදලා පියස්සක් නිර්මාණය කරලත් තියනවා .පෘතුගීසි පාලන කාලයේ ගෙඩිගේ කොටසේ තිබුන මාතෘ දිව්‍ය රූපය සොරාගෙන ගිහිනුත් තියනවාලු.මෑත යුගයේනම් නිදන් හොරුන්ගේ නිධන් මංකොල්ලකෑම් වලට භාජනය වුන නිසා ඔත් පිළිමයේ පිහිටි නේත්‍ර යුගල,අත්ලේ පිහිටි වස්තුන්,කුඩා පිළිම වහන්සේලා,ඇත් දළ යුගලය වගේම චේතියේ චුඩාමනික්‍යය අපිට අහිමිවෙලා හමාරයි. 

තවත් වැදගත් කරුණක් වෙන්නේ ගඩලාදෙණිය රජමහා විහාරය හෙළ සාහිත්‍යට කෙරු අපමණ සේවය.,එනම් ජයබාහු දේවරක්ඛිත හිමියන් රචිත  සද්ධල්මාලන්කාරය ,නිකාය සංග්‍රහය,බාලාවතාරය,ගඩලාදෙනි සන්නය ,ජනබෝධාවලිය මේ විහාර සෙවනේ රචිත ඒවා වීමයි.

අතීත කරුණු කාරනා සොයන්න පොතපත,ජනප්‍රවාධ මෙන්ම සෙල්ලිපිත් වැදගත් .ගඩලාදෙණිය නැගෙනහිර වාහල්කඩ සෙල්ලිපියේ ,4 වන බුවනෙකබා නරේන්ද්‍රයන් වසර 1260දී ඉදිකරණට කටයුතු සැලැස්වූ බවත්, තුන් සිංහලය එක්සේසත් කර පැමිනබවත්,  බුදුදහම පැතිරවීම අභිමුකව ගඩලාදෙණිය කල බවත්,එය සැදවූ ආකාරයත්,රජමහා විහාරයට පුජාකළ ගම්වරයන්(කිරිවවුල,රත්ගම,පමුණුවා,ගන්නොරුව,උඩුවෙල,දැලිවල,අළුදෙණිය,පිළිමතලාව,ගංගොඩ,අරපන්දෙනිය,ඇබිල්මිගම,උනපත ,මංගලගම,පිළිගම ,යටිමිගන්දොරුව ආදී ගම්වලින් පුජාකළ ගොඩමඩ ඉඩම්),කුබුරු වතුපිටි පිලිබදවත් සේනාලන්කදිකර යටතේ පාලනයට දුන් බවත් සදහන්.
තවද මෙහි සිදුකල ප්‍රතිසංස්කරණ හා පසු යුගයන් පිළිබද විස්තර ඇතුලත් සෙල් ටැබ දෙකක් හා සෙල්ලිපියක් පවතිනවා .(හයවන ශ්‍රී පරාක්‍රමබාහු රජු මේ සෙල්ලිපි කල බවත් මතයක් පවතී ) ,

මේ වන විට වියකියමින් පවතින චිත්‍ර නිර්මානශිලපය ,ගල් කැටයම් ඒ වගේම පුජා කරනු ලැබූ ගොඩ මඩ ඉඩම් නිසාවෙන් මෙහි තිබු තේජස අද වන විට වියකී යමින් පවතී.පුරාවිද්‍යා අංශයෙන් මේ වනවිට දාරක වහලක් නිමවා නඩත්තු කටයුතු පවත්වාගෙන යමින් පවතී.ඒ බව මෙහි පැමිණි සියලුම අයවලුන්ට පසක්වනු ඇත.

මතු පරපුර උදෙසා  මේ සංස්කෘතික පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පුජාභුමින් රැකගැනීම ඔබෙත් මගෙත් යුතුකමක් වනු ඇත.

# ඇවිදින්න .....සුරකින්න.... මේ ඔබෙත් මගෙත් උරුමයයි.... #